
ගාසාහි සටන් විරාමය සැබෑවක් වෙයි ද?
ගාසා තීරය කේන්ද්‍ර කරගනිමින්, 2023 වසරේ අග භාගයේ සිට ඊශ්‍රායලය සහ පලස්තීනය පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට දස දහස් ගණනකට ජීවිත අහිමි වී ඇත.මෙම යුද වාතාවරණය අසල්වැසි ලෙබනනය සහ යේමනය වැනි රටවලට ද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන අතර ඊශ්‍රායලයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ල වී තිබේ.
සටන් විරාමයක් ඇති කිරීම සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති සාකච්ඡා මේ වනවිට යම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 13 වැනිදා වාර්තා කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන්ගේ ප්‍රකාශවලින් ද ඒ බව සනාථ වී තිබේ. මේ මෙම සාකච්ඡා සඳහා කටාර් සහ ඊජිප්තු යන රාජ්‍ය ද මැදිහත් ව සිටියි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මේ දක්වා පැවැති සාකච්ඡාවලදී ප්‍රධාන කරුණු කිහිපයක් ඉදිරිපත්ව ඇත. හමාස් සංවිධානය,ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන ඇති ඊශ්‍රායල් ජාතිකයන් නිදහස්කර ගැනීම ඊශ්‍රායල පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති ප්‍රධාන ඉල්ලිමකි. හමාස් නායකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර නතර කිරීම සහ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමය. කෙසේ නමුත් සාකච්ඡාවල ප්‍රගතියට බලපාන ප්‍රධාන කරුණ නම් ඊශ්‍රායලය තාවකාලික සටන් විරාමයකට පමණක් එකඟවීමය.
ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස කරගැනීමෙන් පසුව යළි ප්‍රහාර දියත් කළ හැකි අයුරින් සටන් විරාම ගිවිසුමකට එළැඹීමට ඔවුන් උත්සහ කරමින් සිටින බවට වාර්තා වේ. ඊශ්‍රායල ජනාධිපතිවරයා ඔහුගේ අභ්‍යන්තර දේශපාලන ආරක්ෂාව උදෙසා මෙලෙස ක්‍රියාකරන බව විචාරකයන්ගේ අදහසයි.
මේ වනවිට සාකච්ඡාවල ප්‍රගතියට බලපා තිබෙන අනෙක් ප්‍රධාන සාධකය, තේරිපත්ව ඇති ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැදිහත්වීම බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එවැනි පසුබිමක ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ උත්සහායක් ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් වනු ඇතැයි පැවසේ. මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් (Yoav Gallant) අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීමත් සමඟය.