Skip links

ඇමරිකාවට ටික්ටොක් එපා ද?

ඇමරිකා එක්සත් ජනපදය හඳුන්වාදීමට නියමිත නව නීතියක් හරහා ජනප්‍රිය ‘ටික්ටොක්’ යෙදුම ඇමරිකාවේ තහනම් වීමේ තත්ත්වයක් උද්ගත වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රහසය 2024 වසරේ අප්‍රේල් මාසයේ දී සම්මත කරගන්න ලද පනතක්  මඟින් ‘ටික්ටොක්’ සමාගමට ඇමෙරිකානු අනුමත හිමිකාරීත්වයක් සොයාගන්නැයි ද එසේ නොමැති නම් සමාගම ඇමෙරිකාව තුළ තහනමකට කරන කරන බවට දැනුම් දීමක් කරන ලදි.

‘ටික්ටොක්’හි මවු සමාගම වන ‘බයිට් ඩාන්ස්’හි (Byte Dance)  චීන හිමිකාරිත්වය නිසා ඇමරිකාවේ  ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් ඇතිවන බව ඇමෙරිකානු බලධාරීහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළහ.

මේ පිළිබඳව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු විභාග වෙමින් තිබෙන අතර ඉදිරි දිනයකදී තීරණය දැනුම් දෙනු ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඇමෙරිකානු කොංග්‍රසයේ තීරණයට එකඟ වීමට ඇති ඉඩකඩ වැඩි ය.

මෙම ක්‍රියාමාර්ගය ව්‍යවස්ථා විරෝධී බවත් මෙමඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වන බව ‘ටික්ටොක්’ සමාගම සහ එහි පරිශීලකයන් නියෝජනය කළ නීතිඥයෝ දිගින් දිගටම පෙන්වාදුන්හ. ‍

කෙසේ නමුත් ටික්ටොක් ඇමරිකාව තුළ තහනම් වූවහොත් එය ගූගල් Play Store සහ ඇපල් App Store තුළින් ද ඉවත් කිරීමට ඉඩ ඇත.

එමෙන්ම මේ වන විට ඇමරිකානු පරිශීලකයන් RedNote නැමැති චීන යෙදුමකට මාරුවෙමින් සිටිනා බවට ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇත.

ටික්ටොක් යෙදුම දැනටමත් අසල්වැසි ඉන්දියාව තුළ තහනම් කර ඇති අතර නේපලය, ඉරානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් කිහිපයක් ද එය අවහිර කිරීමට පියවර ගෙන ඇත. ඇමරිකාවේ මෙම තීරණය ඉදිරියේදී සමාජ ජාල සහ මාර්ගගත සේවාවලට රාජ්‍ය කරන මැදිහත් වීමට දැඩි වීමට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.