Skip links

ටිබටයේ උද්ගෝෂණ

චීනයේ සිචුවාන ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ජලාශ වේල්ලක් නිසා ටිබෙටය තුල දැඩි විරෝධයක මතු වෙමින් තිබේ. මෙම වේල්ල ඉදිකිරිම හරහා ටිබේට ජාතිකයින් වෙසෙන ගම්මාන කිහිපයක්ම ජලයට යට වීමට ඉඩ ඇති බැවින් මෙලෙස උද්ගෝෂණ ඉදිරිපත් වී ඇත. ඒ ප්‍රදේශ තුල ටිබෙටයේ පුජණිය ලෙස සැලකෙන පෞරාණික බිතු සිතුවම් සහිත වසර 700ක් පමණ පැරණි වන්ග්දුයි ආරණ්‍යයද තිබේ.

1959 චීනය විසින් ටිබටය අල්ලා ගැනීමත් සමග ටිබටය තුල නිදහස සඳහ විවිධ උද්ගෝෂණ සහ උත්සාහයන තිබී ඇත. 1959 සිදුවූ චීන ආක්‍රමණයෙන් පසුව ටිබටයේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන දලෙයි ලාම තුමන් ඉන්දියාවේ ධරම්සාලා නුවර සිට සිය කටයුතු කරයි.

චීන පාලනයේ දැඩි බව නිසාම ටිබටය තුල උද්ගෝෂණ අතිශය අඩු වුවද අතීතයේ අවස්ථා කීපයක උද්ගෝෂණ ඇති වී තිබේ.

මේ වන විට මෙම විරෝධය සැලකිය යුතු විරෝධයක් බවට පත්ව ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.