
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුරෝපා ආක්‍රමණය
ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 21 වැනිදා සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතය. ලෝක දේශපාලනයේ ප්‍රධාන තීරක සාධකයක් වන ඇමෙරිකාව, නැවත වරක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධිපත්‍යයටත් පාලනයටත් නතු වෙමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුර සමය ප්‍රවෘත්ති මවන්නක් බව ඔහුගේ පළමු ධුර කාලය හොඳින් සාක්ෂි දරන බැවින්, ඉදිරි වසර හතර ඊට වැඩි මිසක් අඩු නොවන බවට ද ඔහු ජනාධිපතිවරණයෙන් ජයගහ්‍රණය කර ගෙවී ගිය මසකට වැඩි කාලය මැනවින් පෙන්වා දී තිබේ.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශ ඊට කදිම උදාහරණයක් වන අතර ඉදිරියේදී පැමිණීමට නියමිත ට්‍රම්ප් පරිපාලනයේ ඉදිරි පෙළෙ සාමාජිකයකු වන ඉලෝන් මස්ක් ද මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදී අදහස් දක්වා තිබිණි.
ග්‍රීන්ලන්තය ඇමෙරිකා එක්සත් ජනපදයේ කොටසක් වනවාට ග්‍රීන්ලන්ත වැසියන් කැමැති නම් ඔවුන් සාදාරයෙන් පිළිගන්නවා යැයි සිය X ගිණුමේ සඳහන් කර තිබිණි. ග්‍රීන්ලන්ත වැසියන් ඊට කැමැති යැයි ද ඔහු සඳහන් කර තිබිණි.
ඉදිරියේදී පැමිණීමට නියමිත ට්‍රම්ප් පරිපාලනයෙන් බටහිර ආසියාව, ප්‍රමුඛ මුළු මහත් ආසියාවට, ලොව අනෙකුත් කලාපවලට සහ යුරෝපයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විශාල කතාබහක් ඇති වී තිබේ. යුරෝපය, ඇමෙරිකාවේ මිතුරකු වුව ද ඉදිරි ට්‍රම්ප් පරිපාලනයෙන් ඊට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් ඇති වී තිබේ.
කාලයක් මුළුල්ලේ යුරෝපයට මෙම තර්ජනය එල්ල වූයේ ඔවුන්ගේ පසමිතුරන් වූ චීනය සහ රුසියාව වැනි රටවලින් නමුත් ඉදිරියේ දී මෙම තර්ජනය එල්ල වනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් සහ ඉලෝන් මස්ක් වැන්නන්ගෙන් ය.
මොවුන් යුරෝපය තුළ අන්ත-දක්ෂිණාංශික කඳවුරු ශක්තිමත් කරනු ඇතැයි ද බලයට පත්වූ නායකයන් බලයෙන් පහ කරනු ඇතැයි ද ඇතැම් විටෙක දේශසීම-භූමි අත්පත් කරගනු ඇතැයි ද දැනටමත් බිය පළ වී තිබේ.