Skip links

ඉන්දීය විදේශ ලේකම් තලේබාන් විදේශ ඇමැති හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ඇෆ්ගනිස්තානයේ වැඩබලන විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අමීර් ඛාන් මුත්තාකි මුණ ගැසී ඇතැයි වාර්තා වේ.

ජනවාරි මස මුල් සතියේ දී මෙම හමුව සිදුව තිබෙන අතර ඔවුන් දෙදෙනා හමු වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ය.

නවදිල්ලිය සහ තලේබාන් සංවිධානය අතර මෙතෙක් සිදු වූ ඉහළම පෙළේ හමුවීම මෙය යැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම සාකච්ඡාවලින් පසු දෙපාර්ශවයම පියවර රැසක් ම ගෙන ඇති බවත් එය තලේබාන් සංවිධානයට පාකිස්තානයේ සහාය ලැබෙන බව පැවැති මුල් බැසගත් ඉන්දීය අදහසට හාත්පසින්ම වෙනත් යමක් බවත් විදෙස් වාර්තාවල දැක්විණි.

පාකිස්තානය, තලේබාන් සංවිධානයේ සමීප මිත්‍ර පාර්ශවයක් ලෙසත් පැරැණි මිතුරකු ලෙසත් පිළිගැනිණි. මෙම මිතුරුදම දශක ගණනාවක් පැරැණි ය. තලේබාන් සංවිධානය, 2021 වසරේ අගෝස්තු මාසයේ දී  කාබුල් ආක්‍රමණය බලය අල්ලා ගැනීම කලාපය තුළ පාකිස්තානයේ බලපෑම ඉහළ දැමීමට හේතුවනු ඇතැයි පැවැසිණි.

තලේබාන් සංවිධානයේ නායකයන් රැසක් සැඟවී සිටියේ පාකිස්තානයේ ය.

කෙසේ නමුත් පසුගිය වසරක කාලයේ දී පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයත්, විශේෂයෙන්ම තලේබාන් පාලනයේ නැගීමත් සමඟ දෙරට අතර සම්බන්ධතා මෙන්ම තලේබාන්-පාකිස්තාන සම්බන්ධතා පැරැණි මිත්‍රත්වයෙන් නොපවතින බව අල්ජසීරා පුවත් සේවය විශේෂඥයන් උපුටා දක්වමින් වාර්තා කර තිබේ.

මෙවැනි පසුබිමක තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ඉන්දියාව වෙනස් ප්‍රවේශයක් ගනිමින් තලේබාන් නිලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටියි.

Leave a comment

This website uses cookies to improve your web experience.