
යුක්රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්
රුසියා-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු, යුක්රේනය-රුසියාවට එල්ල කරන ලද දැවැන්තම ප්‍රහාරය අඟහරුවාදා (14) එල්ල කර ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
යුක්රේන සන්නද්ධ හමුදා සහ යුක්රේනයේ එස්.බී.යූ බුද්ධි සේවයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.
රුසියාව තුළ පිහිටි ඉලක්ක කිහිපයකටම යුක්රේනය ප්‍රහාරය එල්ල කර තිබෙන අතර මෙතෙක් එල්ල කරන ලද දැවැන්තම ප්‍රහාරය – “most massive”- මෙය බව යුක්රේනය උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබිණි.
රුසියාවට යුද වැදීමට ඇති හැකියාවට මෙම ප්‍රහාර මාලාවෙන් බරපතළ බලපෑමක් එල්ල වූ යැයි යුක්රේන බුද්ධි අංශ පවසා තිබේ.
යුක්රේනය සිය දේශසීමාවේ සිට කිලෝමීටර ගණනාවක් ඈතින් රුසියාව තුළ ඉලක්කවලට මෙසේ ප්‍රහාර එල්ල කර තිබෙන අතර ඔවුන්ගේ ඉලක්ක අතර ආයුධ ගබඩා සහ රසායනික බලාගාර ද පවතින බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබාදුන් Atacms මිසයිල සහ එක්සත් රාජධානියේ නිෂ්පාදිත Storm Shadow cruise මිසයිල බිම දැමූ බවත් මෙම ප්‍රහාරයට, ප්‍රතිචාර දක්වන බවත් රුසියාව පවසා ඇත.
මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් මධ්‍යම සහ බටහිර රුසියාවේ ගුවන් තොටුපොළ නවයක ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට රුසියාව පියවර ගෙන තිබූ අතර නිරිතදිග සරාටොව්හි කලාපයේ පාසල් ද වසා දමා තිබේ.